නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට සිය ආධාරකරුවන්ට ආධාර අනුබල දුන් බවට අගමැතිනි හරිනි අමරසූරියට චෝදනා කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ..
නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පෙළඹවීම මැතිවරණ නීති උල්ලංඝනයක් බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
මැතිවරණ කොමිසම් සභාව වෙත ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය ඉල්ලා සිටින්නේ මැතිවරණ ක්‍රියාවලියට මෙන්ම නිදහස් මැතිවරණයක් සඳහා ද බලපෑම් කරන අගමැතිනියගේ මෙම ක්‍රියාව පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.