ඡන්ද නීති කැඩුවොත් නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතුයි…! – මැතිවරණ කොමිසම….

August 6, 2024 at 11:27 am | by emanisa.lk

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ සහ සම්පත් භාවිත කිරීම සහ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සෘජුව සහ වක්‍රව ප්‍රවර්ධනය හරහා රාජ්‍ය නිලධාරීන් අතින් යම් නීති කැඩීමකට ලක් වුවහොත් අදාළ නිලධාරීන් පෞද්ගලිකව ම ඊට වග කිවයුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (05) මැතිවරණ ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ය.

මේ වන විට දේශපාලකයන් පොදු දේපළ වැරදි ආකාරයට භාවිත කරන බවට වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරණ පනතට අනුකූලව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සියලු ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිෂන් සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

කෙසේ වුවද, මේ වන විට බොහෝ දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ජනතාව සහභාගී වන විවිධ උත්සව සංවිධානය කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාවෙන් උපදෙස් ලබා ගන්නා බවත් ඒ අනුව, එවැනි උත්සව පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට හෝ අවලංගු කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කර ඇති බවත් පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *