ඡන්ද කටේ දේශපාලන පත්වීම් 7500ක් බෙදන්න සූදානම්!

April 13, 2019 at 3:19 pm | by admin

පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් තනතුරට මුවාවෙමින් ආණ්ඩුව දේශපාලන සුදුසුකම් මත 7500 ක් බඳවා ගැනීමට සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පැවසීය.

මැතිවරණයක් තියාගෙන මෙම බඳවා ගැනීම් සිදු කිරීමට සූදානම් වන්නේ දේශපාලන වාසි ලබා ගැනීමට බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

අදාළ බඳවා ගැනීම් ජාතික ප්‍රතිපත්ති, ආරක්ෂක කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වෙත මෙසේ පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් බඳවා ගැනීමට නියමිතය. එසේ බඳවා ගන්නා අයට මාසිකව රුපියල් 15,000 දීමනාවක් ලබා දීමට නියමිතය.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ලැබී තිබේ. එසේ බඳවා ගන්නා අයැදුම්කරුවන් වසරක කාල සීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනේ.

වසර තුනක් ගත වූ ආණ්ඩුවට මෙසේ රැකියා ලබාදීමට මතක් වූයේ ඡන්ද ඉලක්කකර බවත්, හැම දිනකම උපාධිධාරීන් රැකියා ඉල්ලා මාර්ගවල උද්ඝෝෂණ කරන විට ඔවුන්ට රැකියා වෙනුවට කඳුළු ගෑස් පමණක් ආණ්ඩුව ලබාදෙන බවද චන්ද්‍රසේන මන්ත්‍රීවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස