ඡන්දෙන් පසු අගමැති වෙන්න සජිත් සූදානම්! ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනපතිට භාරදෙයි!

June 21, 2020 at 7:48 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු රට ගොඩනගන ආකාරය ගැන ප‍්‍රතිපත්ති ප්‍රකාශනයක් සමගි ජන බලවේග විසින් එළිදැක්වීමට නියමිතය.

එළඹෙන සතියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

එහි පිටපතක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ලබාදීමට එම පක්ෂය බලාපොරොත්තු වෙයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගොඩනැගෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පිහිටා බව ද පක්‍ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස