ඡන්දෙන් පස්සේ පක්ෂ නායකත්වයෙන් අයින් වෙනවා! තරුණ නායකයෙක් සඳහා පක්ෂය භාර දෙනවා! – මෛත්‍රී

July 5, 2020 at 8:54 am | by emanisa.lk

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස තමා කටයුතු කරන අතර තරුණ නායකත්වය සඳහා පක්ෂය භාර දීමට සූදානම් බව ඔහු එහිදී අවධාරණය කළේය.

එහිදි ඔහු පැවසුවේ ඇතැම් පිරිස් පක්ෂ කඩා වැටි ඇති බවට ප්‍රකාශ කළත් එවැන්නක් සිදු වී නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස