ඡන්දෙට යන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකයි…!

December 31, 2022 at 7:15 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය  පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මහ ලේකම්වරයා කොළඹදී ඊයේ (30) මේ බව කීය.

මැතිවරණ කල් දැමීමට ගනු ලබන රජයේ සියලු ම උත්සාහයන් පරාජය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දෙවන දින අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *