ඡන්දෙට මුදල් ඉල්ලා මැකොගෙන් මුදල් ලේකම්ට ලිපියක්…!

January 24, 2023 at 11:07 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද හෙටම ලිපියක් යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.

දැනට ලැබී ඇති මුදලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය.

ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මේ අතර කොමිසමේ වෙනත් නිලධාරීහු පැවසූහ.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධීකරණය වෙත දැනුම් දී ඇත්තේ මැතිවරණය සඳහා මුදල් දීමේ හැකියාවක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *