කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජුලි උද්ධමන 2.4% දක්වා ඉහළ ගොස් තිබේ. එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබුණි.
2024 ජුනි මස 1.4%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුලි මස 1.5% දක්වා වැඩි වී ඇත.
2024 ජුලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2.8% ක් දක්වා වැඩි වී ඇති අතර එය ජුනි මාසයේදී 1.8% ක් ලෙස වාර්තා වූ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.