ඡන්දෙට කලින්ම ශ්‍රිලනිප පිරිසක් එජාපයට! මැති අැමතිලා ඇතුළු 15කට සජිත්ගෙන් නාම යෝජනා!

February 29, 2020 at 8:57 pm | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස නිල වශයෙන් එකඟත්වය පළකර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල පැවසීය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස සමග පැවැත්වූ සියලූ සාකච්ඡා සාර්ථක බවත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස අගමැති ලෙස පත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

දැනට මෛති‍්‍රපාල සිරිසේන සමග සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග තමන් සමග එක්වන බවත් බණ්ඩාර අතුකෝරල වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස