චීවරධාරියෙක් වුණත් වරදක් කළොත් දඬුවම් දෙනවා! අපි චීවරධාරියෝ 15ක් හිරගෙට යැව්වා! – ඇමතිනි තලතා

April 12, 2019 at 10:30 pm | by admin

චීවරධාරියකු වුව වරදක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන බව ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

ස්වාමීන් වහන්සේලා බුදු හාමුදුරුවන්ගේ චීවරය දරාගෙන ගිහිල්ලා මිනි මරනවා නම් හොරකම් කරනවා නම් ඒ ඕනෑම කෙනෙකු අල්ලා අවශ්‍ය දඬුවම් ලබා දෙන බවත් මේ වන විටත් චීවරධාරීන් 15 දෙනෙකු සිරගත කර ඇති බවත් ඇමතිනිය ප්‍රකාශ කළාය.

මිනිසුන් තළා පෙළා මැතිවරණ ජයග්‍රහණය කිරීමට තමා සූදානම් නොමැති බවත් තමන් ඒවා කිරීමට බැරි අය නොවන බවත් තැපෑලෙන් වදින්නට දෙන්න දන්නා නමුත් එසේ නොකරන බවත් ඇය අවධාරණය කළාය.

කෙසේ වුවද මේ වන විට ගලගොඩවත්තේ ඥානසාර හිමි සිර දඬුවම් විඳින්නේ මිනී මැරීමකට හෝ සොරකම් කිරීමටකට නොව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේය. එහෙත් අධිකරණයට ගල් ගැසූ රිෂාඩ් බදූර්දීන් මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස