චීන වුහාන් සිසුන් මත්තලට! එසැනින් සුරක්ෂිතව දියතලාවට! රටත් සිසු පිරිසත් ගලවා ගත් ජනපති සුපිරි මෙහෙයුම සාර්ථකයි!

February 1, 2020 at 9:06 am | by emanisa.lk

චීනයේ වුහාන්හී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් යු.එල් 1423 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානය අද උදෑසන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

වුහාන්හි සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු මෙම විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.

අදාළ සිසුන් පිරිස මත්තල ගුවන්තොටුපලේ සිට විශේෂ බස් රථයකින් දියතලාව යුධ හමුදා කඳවුර බලා රැගෙන යාමට නියමිතය.

එම පිරිස ඉතාම ඉක්මනින් කිසිම ස්ථානයක නතර නොකර දියතලාව කඳවුරේ විශේෂයෙන් සැකසූ රෝහල් කාමර වෙත රැගන යාමට අදාළ බස් රථය වැසිකිළි පහසුකම් ද සහිතව විශේෂයෙන් සකසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස