චීන බලහත්කාරය අසල ලංකාව දණ නොගසයි…! කාබනික පොහොර නැවට වරායට ඇතුළු වන්න තහනම්…!

October 23, 2021 at 3:57 pm | by emanisa.lk

චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇති බව කොළඹ වරාය හාබර් මාස්ටර්වරයා පවසයි.

අදාළ නෞකාවේ අඩංගු පොහොරවල අහිතකර බැක්ටිරියා ඇති බවත් එම නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000ක් සමග ඊයේ (22) මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවත් ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුම්වත් කර තිබුණේය.

ඒ අනුව, අදාළ නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත් නෞකාවේ පැමිණිම ගැන මෙතෙක් කිසිදු දැනුම්වත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා සඳහන් කළේ ය.

මේ අතර පසුගියදා අදාළ ආයතනයෙන් ලබාගත් පොහොර සාම්පලවල අර්විනියා නමැති බැක්ටිරියාව ඇති බවට අවස්ථා 2කදී තහවුරු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *