චීන පොහොර නැව වරායට ගන්නෙවත් නෑ…! ආයේ සාම්පල් ටෙස්ට් කරන්නෙත් නෑ..! සත පහක් දෙන්නෙත් නෑ…! – මහින්දානන්ද…

October 27, 2021 at 3:04 pm | by emanisa.lk

චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රැගත් නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අද (27) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මට කියන්න තියෙන්නේ මම ඔබතුමන්ලාට සහතිකයක් දුන්නා ආණ්ඩුව හැටියට අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ.

මේ ෂිප්මන්ට් එකේ සාම්පල ටෙස්ට් කරන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකට පේමන්ට් එක කරන්නෙත් නෑ. මේ අපේ ගිවිසුමට ටෙන්ඩර් එකේ ගිවිසුමට අනුව මේ අය නැවත ගිහින් හරි පොහොර ටික හදලා අපේ ෆර්සිෆිකේෂන් එක අනුව ආවොත් අපි පොහොර ටික ගන්නවා. අපි මුදල් ගෙවනවා. කතාව එතැනින් අවසානයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *