චීන පොහොර තොගයේ වටිනාකමින් 75%ක් ගෙවන්න ආණ්ඩුව සූදානම්…!

November 21, 2021 at 11:57 am | by emanisa.lk

චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන විත් ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා තිබෙන නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර ඇත්තේ අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව විසඳීමට සූදානම් බවයි.

මෙම පොහොර ප‍්‍රශ්නය හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කර ගැනීමට අවශ්‍යතාවක් නැති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙය මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස