චීනයේ සීවින් බයෝටෙක් සමාගම විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා නොමැති බව සිංගප්පූරුවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙලි වී තිබේ.
ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ඒකකය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අර්විනියා නැමැති බැක්ටීරියාව පවතින බව හෙලිවීමත් සමග එම පොහොර තොගය ප්‍රතික්ෂේප කරනු ලැබිය.
එහෙත් චීන සමාගම එම ප්‍රතික්ෂේප කිරීම පිළිනොගැනීම මත තුන්වැනි පාර්ශ්වයක් ලෙස මෙම සිංගප්පූරු SGS සමාගමට පරීක්ෂණ සඳහා භාර දෙන ලදී.
ශ්‍රී ලංකා රජය ද තුන්වැනි පාර්ශ්වයක් මගින් පරීක්ෂණ කිරීමට එකඟතාවය පළකර තිබිණි.
මේ අතර අදාළ සමාගම පොහොර තොගය සහිත නෞකාව ආපසු කැඳවන ලද අතර ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත ලබා දීමට එකඟතාව පළකර තිබිණි.