ශ්‍රී ලංකා මුහුදෙහි රඳවා ඇත්තේ ආයුධ නැවක් නොව පොහොර නැවක් බවත් එමගින් රටේ ස්වෛරීභාවයට හෝ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
කොමිස් පිළිබඳ ප්‍රශ්නයක් නිසා මෙම නැව රඳවා ගෙන සිටින්නේ ද යනුවෙන් මාධ්‍ය වේදියෙකු නැඟූ පැනයට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
“සාධාරණ සිතුවිල්ලක් තියනවා. අපි එල්සී ඕපන් කළ එකක් නිසා තාක්ෂණික ගැටලු කිහිපයක් තියනවා. ඒ ගැටලු නිරාකරණය කරගන්නකම් තමයි, මම විශ්වාස කරන විදිහට මේ තියෙන්නේ එහෙම නැතුව ඒක කොමිස් මත පදනම් වූ කාරණයක් කියලා අදහසක් තියාගන්න එපා.”
ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.