චීන තානාපතිතුමාගේ ඉල්ලීම මත පොහොර නැව ආයෙමත් පරික්ෂා කරන්න එකඟ වුණා….! – ශෂීන්ද්‍ර…

October 26, 2021 at 4:19 pm | by emanisa.lk

චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (26) කොළඹ පැවති වැඩසටහනකදී පොහොර තොගය යළි පරීක්ෂා කරන්නැයි, චීනය ඉල්ලීමක් කළේ දැයි, මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි.

රාජ්‍ය අමාත්‍යවරයා එහි දී පැවසුවේ, අපේ රටේ විද්‍යාගාරවල සිදු කර ඇති පර්යේෂණ පිළිගත නොකැහි බව අදාළ චීන සමාගම දන්වා සිටි බවයි.

අදාළ සමාගම ලොව රටවල් 16ක් සඳහා පොහොර නිෂ්පාදනය කරන බවත් එහි ප්‍රමිතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා එම පරීක්ෂණය උපකාරී වන බවත් චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවය ම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ද අද (26) උදෑසන පොහොර තොගය නැවත පරික්ෂා කිරීමට ඉල්ලීමක් ලැබී ඇති බව තහවුරු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *