චීන කුණු නැව වහාම ලංකා මුහුදින් පිටමං කරනු…! – ෆීල්ඩ් මාර්ෂල්ගෙන් නාවික හමුදාවට නියෝග…

November 1, 2021 at 7:22 am | by emanisa.lk

අනවසරයෙන් නම් වෙනස් කරමින් හැංගි මුත්තං සෙල්ලමේ යෙදෙන අන්තරායකාරී ක්‍ෂුද්‍ර ජීවින් සහිත චීන කුණු තොගය රැගත් නෞකාව ලංකා මුහුදු සිමාවෙන් පිටමන් කිරීමට රටේ ජාතික ආරක්ෂාව හා ස්වෛරිභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මොහොතේ වහාම කටයුතු කල යුතුයි!

ස්වෙරී රටකට මෙලෙස රාජතාන්ත්‍රික භුමිකාවෙන් බැහැරව අශිෂ්ට ලෙස බලපෑම් කිරීම හා ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති පද්ධතියේ තීන්දු පිළිනොගැනීම ගැන විදෙස් ඇමතිවරයා මේ තානාපතිවරයාගෙන් ප්‍රශ්න කළා ද?

“චීන තානාපතිට, ක්‍ෂුද්‍ර ජීවින් සහිත චීන කුණු තොගය ලොකු වුණාට මට මගේ රටේ ජනතාවගේ ජිවිත හා ගොවියාගේත් අනාගතය විනාශ කල නොහැකි බව චීන තානාපතිට කියන්න බැරි පාලකයෙක් අපිට ඉන්නේ” –

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *