චීන එන්නත කොවිඩ් ඩෙල්ටා මට්ටු කරයි….! මාත්‍රා දෙකෙන් සුපිරි ආරක්ෂාවක්…..!

July 11, 2021 at 10:04 pm | by emanisa.lk

කොවිඩ් පාලනය සඳහා භාවිත කරන සිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ම ලබා ගත් පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉතා හොඳ ආරක්ෂාවක් ඇතැයි හෙළි වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කරන්නේ දේශීය විද්‍යාඥයන් සිදුකළ පරීක්ෂණයකින් මෙම තොරතුරු හෙළිව ඇති බවයි.

අදාළ පරීක්‍ෂණ වාර්තාව එළඹෙන සතියේ අග වන විට නිකුත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අද (11) අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *