චීනෙන් ණය අරන් දොස්රලාට සුඛෝපභෝගී ගෙවල් හදා දෙනවා! හැබැයි අවු. 15කින් ගෙවල් අපි ගන්නවා!

February 13, 2019 at 6:19 am | by admin

විදේශ ණය මුදලක් ලබා ගෙන වෛද්‍යවරුන්ට නිවාස තනාදීමට සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

චීන ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නිල නිවාස ඉදිකිරීම ආරම්භ කර මාස 06 කින් ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත්, වෛද්‍යවරුන්ට අර්ධ සුඛෝපභෝගි නිල නිවසක් හිමි වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ඒරාවූර් මුලික රෝහලේ සහ සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණ සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස