චීනය කිසි ම දවසක වෙනත් රටක් ආක්‍රමණය කළේ නෑ…! ජිනීවාහි දී අපේ ස්වාධීනත්වය රැකගන්න චීනය කළ සේවය අමරණීයයි…! – අගමැති මහින්ද චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව අමතමින් කියයි….

June 15, 2021 at 8:47 pm | by emanisa.lk

ඉතිහාසය පුරා චීනය විවිධ ආක්‍රමණවලට ගොදුරු වුව ද චීනය කිසි ම අවස්ථාවක වෙනත් රටක් ආක්‍රමණය නොකළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහය නිසා අපට නොබැඳි ජාතියක් ලෙස ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බව ද අගමැතිවරයා අවධාරණය කළේ ය.

ඒ අදට (15) යෙදී ඇති චීන කොමියුනිස්ට් පක්ෂ 100 වෙනි සංවත්සර සමුළුව වීඩීයෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

“චීන කොමියුනිස්ට් පක්ෂය ඒ ශිෂ්ටාචාරයේ ලකුණ හඳුනා ගෙන කටයුතු කළ නිසා තමයි අද චීනය ලෝක බලවතෙක් විදියට දියුණු කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ. චීනයත් අපිත් අතරෙ තියෙන්නෙ ඓතිහාසික සමානකමක්. චීනය, චීන මහා ප්‍රාකාරය ඉදිකරන කොට අපේ දේවානම්පියතිස්ස මහ රජතුමා අනුරාධපුර මහමෙව්නා උයන පිහිටුවනවා. එදා ඉඳන් එක ම රාජ්‍යයක්, භාෂාවක්, ආගමක් අඛණ්ඩව පවත්වා ගෙන ගියේ, අපිත් චීනයත් බව මම බොහොම ආඩම්බයෙන් කියන්න ඕනෑ.

අපේ ඓතිහාසික සමානකම වගේ ම මිත්‍රකමත් ඉතා ම බලවත්. චීනය බලවත් රටක් හැටියට අපේ ස්වාධීනත්වය රැක ගන්න විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. ආර්ථික වශයෙන් ගොඩ නැගෙන්න අපිට උදව් කරලා තියෙනවා. චීන සහල් රබර් ගිවිසුම ශ්‍රී ලාංකිකයින්ට තවමත් මතකයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් චීනය කළ සේවය අපිට කවදාවත් අමතක කරන්න බෑ. චීනයට මම කවදත් කිව්වෙ අපේ ඓතිහාසික මිත්‍රයා කියලා. මම කියනවා ඓතිහාසික කරුණු අනුව සලකා බලලා චීනය අපේ කල්‍යාණ මිත්‍රයා කියලා.

මිත්‍රවරුනි,
අපේ සම්භාව්‍ය ග්‍රන්ථයක තියෙනවා,

“මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවැති
බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිති”

කියලා. චීනයත් අපට ඒ වගේ මිතුරෙක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස