චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ සමීපතම ඥාතියකු වන ලෝලිත අබේසිංහට අයත් චෙලීනා කැපිටල් සමාගම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
2015ට පෙර චීන ව්‍යාපෘති ගණනාවක උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති ලෝලිත අබේසිංහ මෙම චීන කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිත ධුරය ද ලබාගෙන ඇත්තේ එම ප‍්‍රබල ඥාති සම්බන්ධතාව මත යැයි ද වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්‍ෂෙප කළ කාබනික පොහොර රැගත් නැව වෙනත් නමකින් පසුගිය දින කිහිපයේ හම්බන්තොට වරායට ආසන්න මුහුදු තීරයේ යාත‍්‍රා කරමින් සිට ඇති අතර මේ වන විට එම නැව ජාත්‍යන්තර නාවික සංඥා පද්ධතියෙන් අතුරුදන්ව ඇතැයි ද වාර්තා වේ.
මෙම නැව නම වෙනස් කළ ද ජාත්‍යන්තර නාවික ලියාපදිංචි අංකය වෙනස් කළ නොහැකි නිසා කුමන නමකින් පැමිණිය ද හඳුනාගත හැකි බව නාවික ක්‍ෂෙත‍්‍රයේ විද්වත්හු පවසති.