චමුදිත කෙහෙල් ගහට කොටයි…! සමාජ මාධ්‍යයේ කුණු බැනුම්…!

July 13, 2021 at 1:53 pm | by emanisa.lk

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමඟ පැවැති හිරු සලකුණ වැඩසටහනෙහි දී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ හැසිරීම සමාජමාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

ලොව පිළිගත් විශිෂ්ට ක්‍රීඩකයෙකු වන මුරලිදරන්ට කිසිදු ගරු සරුවක් නොමැතිව අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම ඊට හේතුවයි.

කිසිදු ප්‍රශ්නයක් සඳහා මුරලිදරන් පිළිතුරු ලබා දෙන තුරු නොසිට වෙනත් ප්‍රශ්නක් ඇසීම මෙන් ම සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන් පවා දන්නා සරල කරුණු පවා චමුදිත සමරවික්‍රම නොදැන සිටීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට හේතු වී ඇත.

මෙවැනි සංවාද වැඩසටහනක ආරාධිතයාට කතා කිරීම සඳහා 80%ක කාලයක් ද නිවේදකයින්ට ප්‍රශ්න ඇසීම සඳහා 20%ක කාලයක් ද වෙන්කිරීම පිළිගත් මාධ්‍ය ක්‍රමවේදය වුව ද වැඩසටහන පුරා චමුදිත තොරතෝංචියක් නැතිව කතා කිරීම බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස