සජිත්ට කඩේ ගිය එජාප පුංචි මන්ත්‍රී 69කට ධූර අහිමි වෙයි…! අලුත් මන්ත්‍රී පිරිසක් වහා ම පත් කරයි….!

June 9, 2021 at 2:31 pm | by emanisa.lk

සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනා ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පක්ෂයෙන් එලවා දමන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව ඉහත පියවර ගන්නා බව ද රංගේ බණ්ඩාර සඳහන් කරයි.

ඔවුන් පලවා හැර මහ නගර සභා, නගර සභ ප්‍රදේශීය සභා මන්ත්‍රී ධුර සඳහා නවක මන්ත්‍රීවරුන් වහා ම පත් කරන ලෙස එජාප නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ යැයි ද මහ ලේකම්වරයා වැඩි දුරටත් පවසයි.

පක්ෂයට විරුද්ධව යන අයට නීතිය පැත්තෙන් අත්වන ඉරණම ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් හොඳින් ම පෙන්නුම් කරන බව ද පක්ෂ මහලේකම්වරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස