චන්න අවුරුද්දෙන් රේන්ජ් රොවර් ලක්ෂ 2850 දේපළ ගත්තා…! මට ජීවිත කාලෙම වැසිකිලි කටක් හදා ගන්න බැරි වුණා…! – රාජිත…

September 22, 2021 at 7:43 pm | by emanisa.lk

තමා දේශපාලනයට පැමිණ මාස 6-7ක් යන විට බිරිඳට රේන්ජ් රෝවර් රථ මිලයට නොගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අවුරුද්දක් ගතවීමටත් පෙර තම පක්ෂ කාර්යාලය කෝටි අටහමාරකට මිලයට නොගත් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඇතුල්කෝට්ටේ කෝටි 200ක මන්දිරයක් මිලයට ගෙන ඇති බවත් මේ වන විට හොටෙල් මිලයට ගැනීමට සොයමින් සිටින බවත් රාජිත සේනාරත්න අනාවරණය කරයි.

තමා මෙතෙක් කල් දේශපාලන කළ ද තමන්ට යැයි කියා වැසිකිළි කටක් හදා ගැනීමට නොහැකි වූ බව ද ඔහු අවධාරණය කළේ ය.

පසුගිය ආණ්ඩුව සමයේ ඖෂධ වැඩි මිලයට ගෙන අතිවිශාල ධනස්කන්ධනයක් සොරකම් කර ඇතැයි රාජ්‍ය ඇමැති, මහචාර්ය චන්න ජයසුමන සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *