චන්නගේ මිලියන 200 ගේ ගැන හවමාරන්න වෙයි…! කැන්ටීන් අසේල CID අත්අඩංගුවට….!

June 25, 2021 at 11:30 pm | by emanisa.lk

එන්නත්කරන වැඩපිළිවෙළ ගැන ජනතාව නොමග යන ආකාරයේ ප්‍රකශ නිකුත් කළ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් අසේල) මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එන්නත්කරණයෙන් උපයාගත් මුදලින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිල දී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළේ ය.

අදාළ නිවස සම්බන්ධයෙන් මෙහි දී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

අසේල සම්පත් උක්ත ප්‍රකාශ සිදු කරන අවස්ථාවේ දී ම පැවසුවේ අද ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මට්ටමින් හෝ පවතින්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ කැප වීම නිසා බවය. මෙවැනි මාධ්‍ය හමු සඳහා විවිධ කණ්ඩායම් යෙදවීමට රාජිත සේනාරත්න නම් දරා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *