චන්ද්‍රසිරි ගජදීර වෙනුවට මනෝජ් සිරිසේන පාර්ලිමේන්තුවට!

September 7, 2019 at 11:09 am | by emanisa.lk

මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීරගේ අභාවයෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන පත්කරනු ඇතැයි වාර්තා වෙයි.

2015 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 05ක් දිනාගත් අතර ජයග්‍රාහී ලැයිස්තුවේ අවසානය වූයේ මනාප 54252ක් ලැබූ චන්ද්‍රසිරි ගජදීරය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන කටයුතුවල නිරත විය.

පරාජිත ලැයිස්තුවේ වැඩිම මනාපලාභියා වන මනාප 48590 ලද ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර දැනට මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන නිසා මෙම අවස්ථාව හිමිවන්නේ මනාප ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ලබාගත් මනෝජ් සිරිසේනටය. ඔහු මනාප 282723ක් ලබා ගත්තේය.

ඔහු තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලන කටයුතුවල නිරත වන බැවින් කුරුණෑගල මෙන් හිස් වූ ආසනය පිරවීමේ දී ගැටලුවක් ඇති නොවනු ඇත. ඔහු දකුණු පළාත් ක්‍රීිඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, වනිතා කටයුතු හා ගෘහආර්ථික ප‍්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස