චන්ඩි හරීන් කාදිනල් හිමි ළඟ හීලෑ වෙයි! සජිත් සමග කාදිනල් හිමි බැහැදැක සමාව ගනී!

June 27, 2020 at 8:46 pm | by emanisa.lk

සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද කොළඹ අදරගුරු නිවසේදී කාදිනල් හිමිපාණන් මුණගැසිණි.‬

මෙම හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ පසුගිය කාලයේදී ඇති වූ ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් සාකච්ජා කොට සියලු දෙනා නිවැරදී තැනකට පැමිණි බවය.

එමෙන්ම කාදිනල් හිමිපාණන්ට හිමි ගෞරවය සැමදාම ලබා දෙන බවටද ඔහු මෙහිදී ප්‍රකාශ කළ අතර සාකච්ඡාව ඉතා සුහදශීලිව පැවති බවද කියා සිටියේය.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් පසුගියදා පැවති දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය මෙරට දැඩි කතාබහකට ලක් වූ අතර බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්විය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ රටපුරා ඇතිවූ බලවත් විරෝධතාව නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස