ඝෘජු ප්‍රතිපත්තියක් ඇති අංග සම්පූර්ණ ජනාධිපතිවරයෙක් සිටීම රටේ වාසනාව! – මිරිසවැටිය විහාරාධිකාරී නාහිමි

June 21, 2020 at 8:34 pm | by emanisa.lk

තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය තෙවසරකින් නිමාකර දැවි දැවී සිටි රටකට නිදහස උරුමකරදුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.

රට හදන්න පෙරමුණ ගෙන සිටින ජනාධිපතිතුමා සමග සමස්ත මහා සංඝරත්නය සිටින බවත් එහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ඝෘජු ප්‍රතිපත්තියක් ඇති, සෑම අතින්ම අංග සම්පූර්ණ ජනාධිපති කෙනෙකු රටට සිටීම මහත් වාසනාවක් බව ද ඥාණතිලක හිමියෝ පැවසූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාද පළ කරමින් ඊයේ (20) දහවල් මිරිසවැටිය විහාරස්ථානයේ දී සියක් නමක් උදෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිණාව අවසානයේ විශේෂ අනුශාසනාවක් කරමින් පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ මේ බව සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස