ගෞරවණීය හමුදා තනතුරු දේශපාලකයන් පුම්බන්න අවභාවිත කරන්න එපා! – මැකො ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට දන්වයි…..

October 31, 2019 at 10:43 am | by emanisa.lk

රටේ තිස් අවුරුදු ත්‍රස්තවාදය නිමා කිරීමට දැක්වූ දායකත්වය මත හමුදාවේ ඉහළම ගෞරව සම්මානවලින් පිදුම් ලැබූ එවක යුද ගුවන් නාවික හමුදා නායකත්වය දැරූ හමුදාපතිවරු ද සිය තනතුරු දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය අවභාවිත නොකරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ෆීල්ට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක වෙත මැතිවරණ කොමිසම මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ ආරක්ෂක ලේකම් මාර්ගයෙනි.

එළඹෙන ජනාධිපතිවරණ කාල සීමාවේ හමුදා නිලධාරීන්ගේ අපක්ෂපාතීත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරිපත්කර ඇති නිර්දේශ පදනම් කරගෙන මෙම දැනුම් දීම කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස