ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසියේ දී රජයට විශාල පාඩුවක් සිදුව ඇති අතර ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර පවසයි.
එම වාහන වෙන්දේසි නොකර ව්‍යාජ ටෙන්ඩර ගනුදෙනුවක් අනුව සිදුව ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.
මෙම වාහන 17 අලෙවි කිරීමෙන් රජයට මිලියන 200ක ආදායමක් ලැබී ඇති බවත් එය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කළේ නම් මිලියන 650-700ක ආදායමක් උපයාගත හැකිව තිබූ බවත් දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.