ගෝල්ෆේස් අරගලේ ලෝකෙටම ආදර්ශයක්… මැති ඇමතිලා ගත් වන්දිය දෙගුණ තෙගුණ කරලා ආපහු ගන්න ඕන…! නි. ඇමති නලින් හේවගේ…

February 9, 2025 at 10:01 am | by emanisa.lk

2022 මැයි 09 වනදා ගිනිබත් වූ නිවාස සඳහා වන්දි ලබාගත් මැති ඇමතිවරුන්ට එරෙහිව නඩු පවරා එම වන්දිය මෙන් දෙගුණයක්, තෙගුණයක් ඔවුන්ගෙන් ආපසු අයකර ගතයුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“විශේෂයෙන්ම අපි දන්නවා ඒ දවසේ උදේ එයාලා අරලියගහ මන්දිරයට ඇවිල්ලා ත්‍රාඩ වැඩේ නොකරන්න එදා හවසක් නිර්මාණය වෙන්නෙ නෑ. මේක ඉතාම calm and quiet අරගලයක්. ලෝකෙට ආදර්ශයක්. එහෙම දීපු තැනකට ඇවිල්ලා තමයි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙන්නෙකුත් එක්ක පහර එල්ල කරන්නෙ සනත් නිශාන්තලා.

කෙහෙළිය තමයි මං හිතන්නෙ කෝටි 09ක විතර දැවැන්තම අලාභයක් අරන් තියෙන්නෙ. ඔවුන් කරපු අපරාධයක් හින්දා තමයි ඔවුන්ට ඒක වුණේ කියන එක තමයි අවධාරණය කරන්න ඕනෙ. මේ සියලුම වන්දි යම් මතු දිනයක හරියට නඩුවක් අහලා නැවත දෙගුණ තෙගුණ කරලා ඔය කියපු කට්ටියගෙන්ම යළි ගන්න ඕනෙ.”

නලින් හේවගේ මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *