ගෝල්ෆේස් අරගලකාරයෝ වගේ ම ආණ්ඩුවත් පිස්සු කෙළිනවා..!  දෙගොල්ලන්ට ම හරි නායකත්වයක් නෑ…!

May 3, 2022 at 5:00 pm | by emanisa.lk

ගෝල්ෆේස් විරෝධතාකරුවන් ලවා වැඩි වැඩියෙන් කතා කරවන්න කියල මම කිව්වෙ අර පැතුම් කොරනල් කියන මනුස්සයගෙ කතාවෙන් පස්සෙ. ඒක කියල කට ගන්න වුනේ නැ මිනිහව නිරාවරණය වීමට අමතරව හූ කියල පැන්නුවත් එක්ක.

ඊයේ හිරු ටීවී එකෙන් ඒ දේ තවත් හොඳට ම වුණා. ඒ අයටත් ඕකම වෙනවා. අනික ඔය විරෝධතාවල ඉන්න කවුරු ගෙනත් කතා කළත් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ හිස් මිනිස්සු. මම කියන්නෙ නූගත් කියල නෙමෙයි, උගත් නූගත්කම් මම මායිම් කරන්නෙ නැ.

දුලීක මගෙ බැච් එකෙ. මගෙ පංතියේ හිටියෙ. මේ අයගෙ “තොරණෙ විස්තරේ” මම හොඳට දන්නව. හොඳ නිළියක්. ඒව මෙතෙන්ට වැඩක් නැහැ. හැබැයි තමන් කරන්නෙ මොකක්ද?, යන්නෙ කොහෙද? ඇයි එහෙම යන්නෙ කියලවත් දැනගෙන ඉන්න ඕන. කිසිම දෙයක් ගැන සංගත අදහසක් නැති මිනිස්සු ටිකක් එකතු වෙලා ලංකාවට මේ මොකක්ද කරන්නෙ?

ම⁣ගෙ ප්‍රශ්නය තියෙන්නෙ මෙතන නෙමෙයි. මේ ආර්ථික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් හොයන ජනාධිපතිතුමා ගැන. මේ වගෙ හිස් මිනිස්සු කරන විරෝධතා සීරියස් අර⁣⁣⁣ගෙන ඒවට overreact කරන ආණ්ඩුව ගැන. සර්ව පාක්ෂික ආණ්ඩු අරව මේව කියාගෙන නටන්න යන තොවිලෙ ගැන.

එහෙම බැලුවාම නම්, ගෝල්ෆේස් වි⁣රෝධතාවට වගේ ම ආණ්ඩුවටත් නායකත්වයක් නැති පාටයි. ඉවසිලිවන්තබවක් හා පරිණත බවක් නැති පාටයි. මේ දෙකම හැසි⁣රෙන්නෙ එකම විදියට බව පේනවා.

මහින්ද පතිරණ..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *