ගෝඨා සහ ෆොන්සේකා පිළිබඳ පැරණි ජන කතාවක්!

November 13, 2019 at 11:59 pm | by emanisa.lk

වසර 30 ක කාලකන්නි යුද්ධය අවසන් වීමට ප්‍රථම, එවකට සිටි හමුදාපතිතුමා, රණවිරුවන්ගේ ළමුන් උදෙසා ඇරඹි පෙර පාසලක් විවෘත කිරීමට ගාලු කොටුවට පැමිණියේය.

එතුමා පැමිණෙන දිනයේ උදෑසන, එම මොන්ටිසොරිය අවට සහ යන දෙපස මඟ සිටි නිවැසියන්ට හමුදා නිවේදනයක් නිකුත් කෙරිණි.

එනම් ගෘහ මූලිකයා හැර අන් සියලු නිවැසියන් එම ප්‍රදේශ වලින් හමුදා පති තුමන් පැමිණෙන කාලයේ ඉවත්ව යා යුතු බවයි. ඉතාමත් අපහසුතාවට පත් වයසක සහ බවලත් උදවියද, එමෙන්ම ළමා ළපටින්ටද යන තැනක් හෝ නිසි කාල සීමාවක් හෝ කිසිදු විස්තරයක් නොදැන ඉතාමත් කලබලයට පත් විය.

රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරීන්ගෙන් අපහට ලැබුණේ එකම පිළිතුරකි. එනම් මෙය හමුදාපතිතුමාගේ ආරක්ෂාවට එතුමා ලබා දුන් නියෝගයක් බවත් ඔවුනට කළ හැකි දෙයක් නොමැති බවත්ය.

මෙහි අපූරු සිදුවීමක් වූයේ එවකට ආරක්ෂක ලේකම්තුමාද කිසියම් සාකච්ඡාවක් සඳහා ගාල්ල ලයිට් හවුස් හෝටලයට එදිනම පැමිණ තිබීමයි.

ඒ වන විට ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ධුරය දැරූ ගාලු කොටුවේ පදිංචි වී සිටි මන්සුර් මරික්කාර් වහාම ක්‍රියාත්මක වූ අතර එම හෝටලට ගොස් කොටුවේ නිවැසින් පත්ව ඇති අකරතැබ්බය වහාම දන්වා සිටින සිටියේය.

සිදුවී ඇති අනිසි තත්ත්වය තේරුම් ගත ආරක්ෂක ලේකම්තුමා වහාම ක්‍රියාත්මක වී හමුදාවට වෙනත් උපදෙසක් ලබා දුන්නේය.

පැය බාගයකට පමණ පසු නැවතත් හමුදාවෙන් පැමිණ අප හට නිවෙස්වලින් පිටව යාම අවශ්‍ය නොමැති බවත් හමුදාපති තුමන් පැමිණෙන විට බාදා නොවන පරිදි ඔහු ගමන් කරන මාර්ගය දෙපස නිවැසියන් නිවෙස් තුලට වී සිටින ලෙසත් දන්වා සිටින ලදි.

අද එක් පසෙක එම හමුදාපතිතුමන් චන්දයේ ලොකුම තුරුම්පුවය. අනෙක් පසින් එම ආරක්ෂක ලේකම් තුමන්ය.

අන්තර්ජාලයෙන් උපුටා ගැනිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස