ගෝඨා සහ සජිත්ගේ ආරක්ෂාව තර කෙරේ! අනුර ආරක්ෂාව එපා කියයි!

October 26, 2019 at 2:59 pm | by emanisa.lk

පවතින ආරක්ෂක වාතාවරණය අනුව ප්‍රධාන ජනාධිපති ධූර අපේක්ෂකයන්ට තවත් ආරක්ෂක භටයන් 215ක් බැගින් ලබා දී ඇත. ගෝඨාභය රාජපක්ෂටත් සජිත් ප්‍රේමදාසටත් මෙතෙක් ඔවුන්ට හිමිව තිබූ ආරක්ෂකයන්ට අමතරව මෙම ආරක්ෂක භටයන් 215 අනුයුක්ත කර තිබේ.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජනපති අපේක්ෂක අනුර දිසානායක තමන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානයට දන්වා ඇත. අනුර දිසානායක පසුගියදා පවසා තිබුණේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එවැනි ප්‍රශ්නයක් ඇත්නම් පොලිසිය අසල බැරැක්ක ඉදිවිය යුතු බවය.

මහේෂ් සේනානායක ප්‍රමුඛ සෙසු අපේක්ෂකයන්ට ද ඔවුන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් කොට අවශ්‍ය ආරක්ෂක භට සංඛ්‍යාව ලබා දෙනු ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මේ අයට අමතරව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ද අමතර ආරක්ෂක භටයන් 50 දෙනකුගේ ආරක්ෂාව සපයා ඇත. ඒ දැනට විපක්ෂ නායකවරයා ලෙස ඔහුට ලබා දී තිබෙන ආරක්ෂාවට අමතරවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස