ගෝඨා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා කරන සැලසුමක්!

August 22, 2019 at 4:38 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිප සහාය ලබාගත හැකි හොඳම ක්‍රමය එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන බවත් එහෙයින් ඔහුට ශ්‍රීලනිප සහාය ලබා ගැනීමට ආරාධනා කරන බවත් හෙතෙම පවසයි.

එජාපය සමග සාකච්ඡා පැවැත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කර තම ප්‍රතිපත්තිවලට එකඟ වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ සමග ගිවිසුමකට එළඹෙන බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස