ගෝඨා වැනසූ ආර්ථිකය ශක්තිමත් කළේ රනිල්…. ජනතාව කෘතගුණ දැක්කුවේ අනුරට…! – මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා….

December 22, 2024 at 3:17 pm | by emanisa.lk

ජනතාව ආණ්ඩු වෙනසක් සිදුකළේ දරාගත නොහැකි ජීවන වියදම නිසා බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා පවසයි.

තමන් රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ විනාශ කළ ආර්ථිකය ශක්තිමත් කළ නිසා බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේ වුව ද අනුර දිසානායක කෙරෙහි බලාපොරොත්තු තබමින් ඔහුට ඡන්දය ලබා දුන් බව ද ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කරයි.

ඒ නිසා අනුර දිසානායකට රට ගොඩනැඟීම සඳහා යම් කාලයක් ලබා දිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *