ගෝඨා – මහින්ද බලයෙන් පහ කිරීම පිටුපස රාජ්‍ය බුද්ධි අංශය….!

August 7, 2022 at 4:43 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ බලයෙන් නෙරපා හැරීමට රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි අංශ කටයුතු කර ඇති බවට සැකයක් පවතින්නේ යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පවසති.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ඔවුන් මේ පිළිබඳ පැමිණිලි කර තිබේ.

ජුලි මස 09 වෙනිදා ජනාධිපතිවරයා ඉවත් කිරීමට කොළඹට 15 000ක සෙනගක් පැමිණෙන බව බුද්ධි අංශ වාර්තා කළ ද ඊට වඩා සෙනගක් එදිනට කොළඹට පැමිණි බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

එසේ ම පොලිසිය හමුදාවට ඉදිරිපත් කළ බුද්ධි වාර්තාවලට ආරක්ෂක මණ්ඩලයේ දී අවධානය යොමුකර නොමැති බව ද එම මන්ත්‍රී පිරිස චෝදනා කර තිබේ.

පොලිස්පතිවරයා ඉවත් කර බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරන ලෙස ද මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *