ගෝඨා-මහින්ද දීගේ හරියන්නේ නෑ…! රනිල්-මහින්දට තමයි රට හදන්න පුළුවන්…! – මුරුත්තෙට්ටුවේ හිමි රනිල් ළඟ තබා ගෙන මාධ්‍ය හමුවක.. …

June 23, 2021 at 9:44 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂගේ සිරුරත් රනිල් වික්‍රමසිංහගේ ඔළුවත් එකට එකතු කළේ නම් මේ රටට විශාල සේවයක් කළ හැකි බවට හැඟීමක් ජනතාව තුළ ඇතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

පසුගිය යහපාන ආණ්ඩුව මේ රටට විශාල විනාශයක් කළ බවට හැඟීමක් එදා රට තුළ පැවැතිය ද ඔවුන් ගෙදර යවා පත්කර ගත් නායකයින් නිසා අද තමන්ට බැනුම් ඇසීම සිදුව ඇතැයි එහිමියෝ සඳහන් කරති.

මේ අවස්ථාවේ පක්ෂය නොව රට ජාතිය ප්‍රමුඛ කොට සලකා කටයුතු කළ යුතු යැයි මුරුත්තෙට්ටුවේ හිමි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ ය.

අද (23) රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආශීර්වාද ලබා ගැනීමට නාරාහේන්පිට අභයාරාමයට පැමිණි අවස්ථාවේ එහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස