ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මෙන්ම හමුදා ප‍්‍රධානීන් 18 දෙනකු අන්තර් ජාතික අධිකරණයට ගෙන යෑමට සැලසුම් කළ ලන්ඩන් නුවර බලවත්ම කොටි සංවිධානය වූ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය බංකොලොත් වී ඇත.
මෙම සංවිධානයේ ලේකම්වරිය වූ රොග්නි සිවගුරුනාදන් විසින් තමන්ට වෙනස්කම් සිදු කළ බව දක්වමින් පවරා තිබූ නඩුවේදී ඇයට යූරෝ 70,000 ක වන්දියක් ගෙවීමට ද්‍රවිඩ සංසදයට නියම විය.
එහෙත් එම මුදල ගෙවීමට නොහැකි බව ද්‍රවිඩ සංසදය අධිකරණය වෙත දැනුම් දී තිබේ. අධිකරණ තීන්දුවත් සමගම බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ කටයුතු අහෝසි කිරීමට සිදු වී ඇත.
2008 වසරේදී ආරම්භ කළ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය බංකොලොත් වීම නිසා ලන්ඩන් කොටි ඩයස්පෝරාවේ බලවත්ම සංවිධානය ඇද වැටී ඇතැයි ලන්ඩන් ආරංචි මාර්ග පැවසීය. 2017 දෙසැම්බර් මස වනවිට බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ස්ටර්ලින් පවුම් 136382 ක් ණය වී තිබිණි.