ගෝඨා නෙමෙි සහන මල්ල දුන්නේ අපි! – පෙරටුගාමින්

March 24, 2020 at 1:00 pm | by emanisa.lk

ඊයේ (23) ජනතාවට සහන මල්ලක් දිනාදුන්නේ තමන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.

ඔහු ඒ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් මෙසේය.

“දිගින් දිගටම හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස පහත ජයග්‍රහණ දිනාගත හැකිවී ඇත.
* ත්‍රිරෝද රථ සඳහා ලීසිං වාරික අය කර ගැනීම මාස 6කින් කල්දමා ඇත.
* රුපියල් ලක්ෂ 10ට අඩු පෞද්ගලික ණය සඳහා වාරික අය කර ගැනීම මාස තුනකට කල් දමා ඇත.
* පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් හා රජයේ මාණ්ඩලික නොවන සේවකයන්ගෙන් ණය වාරික වැටුපෙන් කපා ගැනීම මැයි 31 දක්වා සිදු නොකෙරේ.
* සමෘද්ධිලාභීන්ට පොලියකින් තොරව රුපියල් 10,000ක මුදලක් නිකුත් කෙරේ.
මේ අයිතීන් දිනා ගත්තේ ඕවාට රජයට මුදල් තිබේදැයි අසමින් සිටි බුකියේ ආර්ථික ඔස්තාද්ලා විසින් නොව අඛණ්ඩව ඒ වෙනුවෙන් හඬ නැගූවන් විසිනි.
සිරුරෙන් දුරස්ව එකට ඉමු,
එක්ව හඬ නගමු,
අයිතීන් දිනාගමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස