ගෝඨා නැත්නම් ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහාය මෛත්‍රීට! ඒකාබද්ධ විපක්ෂය තුළ අභ්‍යන්තර සාකච්ඡා ඇරඹෙයි!

April 20, 2019 at 2:58 pm | by admin

එළඹෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා වනු ඇති බව ජනාධිපතිවරයාට ඉතා සමීප ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙකු පවසා තිබේ.

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා තවදුරටත් කාලය ගතවීමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට තිත තැබීමට ගෙන යන වැඩපිළිවෙළ සහ සුළු ජාතීන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටීම මීට හේතු වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරවීමට ‍පොදු විපක්ෂයට නොහැකි වුවහොත් ඔවුන්ට ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට ජනාධිපති සිරිසේනට වඩා සුදුස්සෙකු නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙකු පැවැසීය.

එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවීමට ‍පොදු විපක්ෂය සූදානම් විය යුතු බවද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර මේ වන වී සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

ජනාධිපතිවරයාට සුළු ජන ඡන්ද දිනාගැනීමටද හැකියාව ඇති බැවින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සුළු පක්ෂ කිහිපයකම සහයද ඔහුට දිනා ගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද ජනාධිපතිවරයා සමග එකතුවීමට නියමිතව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එජාපයට එකතු වූ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ඔහුට සහය දීමට සූදානමින් සිටිති.

ලක්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස