ගෝඨා ජනාධිපති කරලා චිත්‍ර ඇන්ද තරුණයෝ අද රට දාලා යනවා…! – ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති…

November 5, 2021 at 8:06 pm | by emanisa.lk

මෑත යුගයේ වැඩි ම තරුණ පිරිසක් රටින් පිටවීමට අයඳුම් කරන යුගය මෙය බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ආණ්ඩුව පත්වන විට ස්වේච්ඡාවෙන් චිත්‍ර ඇඳි බහුතර තරුණ පිරිසක් රට අතැර යාමට පටන් ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

ආණ්ඩුවේ සියලු හවුල් පක්ෂ අතෘප්තියට පත්ව ඇති බව පෙන්වා දෙන ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයා, ආණ්ඩුව පිහිට වූ පසු ප්‍රධාන පක්ෂය සහ හවුල්කාර පක්ෂ අතර කිසිදු දේශපාලන සංවාදයක් නොවූ බව ද පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *