ගෝඨා ගෙනා බාල පොහොරවලට වන්දිය ලබා ගනු…! – සජිත්..

July 7, 2023 at 4:06 pm | by emanisa.lk

ගොඨාභය රජයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෘෂිකර්ම ඇමතිගෙන් ප්‍රශ්න කරයි

චීනයෙන් ගෙන්වන ලද පොහොර සඳහා ඩොලර් මිලියන 6.9ක් වැය කළ බවත් එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1382ක් බවත් එම ගනුදෙනුවෙන් ලබා දුන් බාල පොහොරවලට වන්දියක් ලෙස එම මුදල නැවත ලබා ගන්න බැරි වූ බවත් විපක්ෂ නායකවරයා පවසයි.

නැනෝ නයිට්‍රජන් පොහොර වංචාව සම්බන්ධ විගණකාධිපති වාර්තාව ද මේ වන විට සකසා අවසන් හෙයින් එය සභාගත කරන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

තව ද වී මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වී කිලෝවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙන බව ප්‍රකාශ කළත් විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය විසඳීමට ගන්නා පියවර කුමක් දැයි ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *