ගෝඨා කියන්නේ මී පැටියෙක්! ජනතාව ඔහු විශ්වාස කළ යුතු නෑ! ශක්තිමත් නායකයෙක් අපි ගේනවා! – ජවිපෙ

August 12, 2019 at 8:53 am | by emanisa.lk

තනි පුද්ගලයකු කෙරෙහි විශ්වාසය තැබීමට ජනතාව තව දුරටත් සූදානම් විය යුතු නැති බව තම පක්ෂයේ මතය බවත් ප්‍රතිවාදී කඳවුරවල අපේක්ෂකයන්ට එරෙහිව ශක්තිමත් නායකයෙක් සහ ප්‍රතිපත්ති මාලාවක් ජවිපෙ ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

“කන්දක් විළි ලා මී පැටවෙකු වැදුවා සේ කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. මොකද ඒ අපේක්ෂකයාත් අලුත් නෑ. රාජපක්ෂ පාලන සමයේ ඒ පාලනයේ මුදුනේම හිටපු කෙනෙක්. මේ තනි පුද්ගලයෙකු මත විශ්වාසය තබන්නට අපේ රටේ ජනතාව තවදුරටත් සූදානම් විය යුතු නෑ කියල එක තමයි අපේ මතය.

මේ ප්‍රතිපත්තියත් 1956 සිට ශ්‍රීලනිපය ක්‍රියාත්මක කළ බණ්ඩාරනායක ප්‍රතිපත්තියමයි. එහෙම බැලුවාම අපේක්ෂකයවත් ප්‍රතිපත්තියවත් අලුත් නෑ. මේ ප්‍රතිවාදී බලමුළුවලට එරෙහිව ශක්තිමත් නායකයෙක් ශක්තිමත් ප්‍රතිපත්තියක් ජවිපෙ ඉදිරිපත් කරනවා. ලබන 18 වෙනිදා ගාලු මුවදොර පිටියේ දී අපේ අපේක්ෂකයා රටට ඉදිරිපත් කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස