ගෝඨා එළවන වැඩේ ඉහේ කඩා වැටුණා! අපේ පෙත්සම නිසා ඔහු පිළිබඳ සියලු සැකසංකා දුරුවුණා! දැන් මහා ජවයකින් ජනපති සටන කරන්න පුළුවන්! – විරුද්ධවාදී පිලෙන් පාපෝච්චාරණයක්…

October 5, 2019 at 7:29 am | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳ ඉහළම අධිකරණයට යෑමට ඕනෑවටත් වඩා කාලය තිබුණ ද ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ද්වේෂ සහගත අරමුණින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ තේනුවර වියන්ගොඩග පෙත්සම ඊයේ (04) දිනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව නිෂ්ප්‍රභා කළේය.

මේ සමග ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ සමාජයේ නිර්මාණය කරමින් තිබූ විවිධ කටකතා අසත්‍ය තොරතුරු සියල්ල අවලංගු වී ගියේය. එය ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ඉතාම වාසිදායක තත්ත්වයක් බවට පත්ව ඇති බව ප්‍රතිවාදීන් විසින් ද පිළිගෙන තිබේ. නීතිඥ අථිල අතාවුද නම් වියන්ගොඩ තේනුවර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නකෝ සිය ෆේස්බුක් සටහනක් මගින් පෙන්වා දෙන්නේ මෙම පෙත්සම නිසා සාධනීය ප්‍රතිවිපාක දෙකක් ඇති වූ බවය.

“1. ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු – ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ වලංගුභාවය පිළිබඳව තිබූ සැක සංකා දුරුවීම. එය ගෝඨාභය රාජපක්ෂටම විශාල උදව්වක් වන අතර නව පණකින් යුතුව මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට යහපත් ආරම්භයකි.

2. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය නැවතත් තහවුරු වීම සහ ඒ පිළිබඳව සුවිශේෂී මඟ සලකුණක් (landmark) සනිටුහන් කිරීම. අනාගතයේදී යම් දේශපාලනඥයෙකු අධිකරණයට අතපෙවීමට උත්සාහ කරන්නේ නම් ඔහුට මෙම ඓතිහාසික අවස්ථාව නිතැතින්ම මතකයට නැගෙනු ඇත. එය බලා සිටින ජනතාවටද මෙය මතකයට නැගෙනු ඇත. එය නිතැතින්ම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රමිතියක්ද ස්ථාපිත කරනු ඇත.”

ඔහු පෙන්වා දෙන කරුණු සත්‍යයක් වන අතර මේ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් මෙම ප්‍රතිඵලය සමග මහත් ප්‍රීතියට පත්ව රට පුරා රතිඤ්ඤා දැල්වූ අතර එජාප සහ ජවිපෙ හිතවාදී කඳවුුර ගමේ ඡන්ද දායකයා දක්වා අවසාන බලාපොරොත්තුව ද සුන්වූ තත්ත්වයට පත්ව සිටින ආකාරය දැකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස