ගෝඨා ඉල්ලන වියත්මගේ එළියේ ඉන්නේ මේ රටේ බුද්ධිමත් මිනිස්සු! ජනාධිපතිවරණයේ දී ගෝඨාට සහාය දෙන්න අපි සූදානම්! – ශ්‍රීලනිප මහ ලේකම්

August 6, 2019 at 2:42 pm | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවලින් පසු ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට ජනාධිපතිවරයා තීන්දු කළහොත් ශ්‍රීලනිපය ඔහුට සහාය දැක්වීමට සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ වෙන කිසියම් පක්ෂයක අපේක්ෂකයා නොවී ඔහු ජාතික අපේක්ෂකයා විය යුතු බව තම පෞද්ගලික මතය යැයි හෙතෙම පැවසීය.

එළිය සහ වියත්මග වැනි සංවිධාන නියෝජනය කරන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂයකට කොටු වූ නායකයකු නොව ඉන් විතැන් වූ ජාතික නායකත්වයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හිරු වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස