ගෝඨා ඇමරිකාවේ සිරගත කරන කොටි තැත වරදියි! කොටි හිතවාදී සූකාගේ ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්‍ෂ්ප කරයි!

April 10, 2019 at 7:39 am | by admin

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට ඇමරිකාවෙන් පිටවීමට ඉඩ නොදී රඳවා ගන්නා ලෙස ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණ ව්‍යාපෘතියේ ප‍්‍රධානි යස්මින් සුකා කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රතික්‍ෂේප කර ඇත.

කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ද්‍රවිඩ තරුණයකු වධහිංසාවට ලක්කිරීමේ චෝදනාව මත තම සංවිධානය කැලිෆෝනියා අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කළ බවද ඇය තම ඉල්ලීමේ සඳහන් කර තිබේ.

කොටි ඩයස්පෝරාවට සහය වන යස්මින් සුකා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ රෝයි සමාතානම් නමැති කැනඩා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියා වෙනුවෙනි.

ඇය මේ වන විට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු මේජර් ජෙනරාල් ජගත් ඩයස් යන මහත්වරුන්ට එරෙහිවද නඩු ගොනුකර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කළ දරුස්මාන් කමිටුවේ සාමාජිකාවක් වන සූකා 2017 වසරේ දී මිය ගිය කොටි සැමරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකාවේ වධකාගාර රාශියක් ඇතැයි චෝදනා කළ සූකා ශවේන්ද්‍ර සිල්වාට හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය ලැබුණු අවස්ථාවේ කුපිත වී මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස