ගෝඨා අභියෝගයක් නෙමෙයි කියලා මංගල කියන්නේ එජාප ගැලරියට! නමුත් මම කතා කරන්නේ මහ පොළොවේ දත්ත එක්ක! – හර්ෂ

September 9, 2019 at 4:09 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී එජාපයට අභියෝගයක් නොවේ යැයි ඇමති මංගල සමරවීර පවසන්නේ සිය පාක්ෂිකයන් පිනවීමට (පොලිටිකලි) මිස එය සත්‍යයක් නිසා නොවේ යැයි ඇමති හර්ෂ ද සිල්වා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ යනු ඉතාම ප්‍රබල අපේක්ෂකයෙක් බවත් එය මහ පොළොවේ යථාර්ථය බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

ලංකාවේ ප්‍රථම මත විමසුම සිදුකළේ තමා සහ තවත් පුද්ගලයකු බව පැවසූ ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම මත විමසුම් අනුව ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස කරට කර සිටින බව ද හෙළි කළේය.

ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිය පුරවැසිභාවය අහෝසි කරගෙන ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

කෙසේ වුවද රටේ ජනතාවගෙන් 5/6ක් එනම් 83%කට වඩා කැමති සජිත් ප්‍රේමදාසට බව ඇමති මංගල සමරවීර ඊයේ යාපනේ දී ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස