ගෝඨා අපට අභියෝගයක්! අපි ඔහු පරාජය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් හොයනවා! – හර්ෂ ද සිල්වා

August 21, 2019 at 6:03 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තමන්ට අභියෝගයක් බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න පුළුවන් අපේක්ෂකයා කවුරුන්ද යන්න තමයි අපි සාකච්ඡා කළේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අභියෝගයක් තමයි. ඒක අපි පිළිගන්න ඕනේ. ඔහුට සෑහෙන්න ඡන්ද ප්‍රමාණයක් මේ රටේ තියෙනවා.”

ඔහු මෙම අදහස් පළ කළේ පක්ෂ සාමාජිකයින් පිරිසක් සමග ඊයේ (20) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස